27 April 2024
#දේශීය

මුස්ලිම් ජනතාව නොමග යැවූ නායකයන් මහින්දගේ ආණ්ඩුවෙත් ඉඳලා

මුස්ලිම් ජනතාව නොමග යවමින් බලයට පැමිණි නායකයින් තම ආණ්ඩුවේ ද සිටි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල පැවැති පක්ෂ සම්මේලනයකට එක්වෙමිනි.

ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට ජනතාවට අවස්ථාව ලැබී ඇති බවත්  එහිදී අග්‍රාමාත්‍යවරයා  පැවසීය.

එම අවස්ථාවට එක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක ජනාධිපති නීතීඥ අලි සබ්රි  පැවසුවේ සුළුතර ජනතාවට ජීවත් වීය හැකි ලෝකයේ වඩාත්ම සුහදශීලි ජාතිය වන්නේ සිංහල බෞද්ධයින් බවය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *