27 April 2024
#දේශීය

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් තිදෙනෙකු හඳුනා ගැනේ

කොරෝනා ආසාධිත රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ, ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41ක් හැවිරිදි වන අතර ඔහු ආසාදිතයින් අතර සිටි අයෙකු අතර ඔහු මේ වන විට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඉතාලියේ සිට පැමිණි වයස අවුරුදු 37ක් වු පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඉතාලියේ සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු පුද්ගලයෙකු වන අතර ඔහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනෙක් රෝගියාද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු 43 හැවිරිදි අයෙකි. ඔහු ද අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *