27 April 2024
#සංවර්ධන

යුරෝපා සංගමය සහ ජර්මනියේ තානාපති සමඟ ඇමැති රාජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඔක්සිජන් සැපයිම සහ ප්‍රතිශක්තීකරණ පාන වර්ගවලට වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම පිළිබදව යුරෝපා සංගමය සහ ජර්මනියේ තානාපති හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර සාකච්ඡාවක් පසුගිය දා පැවැතිණි.

ඒ, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තාතාපති Mr. Tung-Lai Margue මහතා සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති Mr. Jorn Rohde මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය.

ව්‍යාපෘති වලට අමතරව ඔක්සිජන් සැපයිම සහ ප්‍රතිශක්තීකරණ පාන වර්ගවලට වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රතිශක්තීකරණ පානවර්ග වලට ද වර්ණ සංකේත ක්‍රියාත්මක කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුනි.

මෙම අවස්ථාවට අමාත්‍ය මලික් සමරවික්‍රම, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එල්.කේ ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *