27 April 2024
#විදෙස්

රජ පවුලෙන් ඉවත් වු හැරි සහ මේගන්

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය සිය රාජකීය නම්බුනාම සහ නිලතල නිල වශයෙන් අතහැර ඇති බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව ඔවුන් දෙදෙනා තවදුරටත් රජ පවුලේ ක්‍රියාකාරී සාමාජිකයින් නොවන බැවින් එම තීරණය ගෙන ඇති බවයි.

එසේම ඔවුන්ට සිය රාජකීය කටයුතු වෙනුවෙන් තවදුරටත් මහජන ආධාර මුදල් හිමි නොවනු ඇති අතර ඔවුන් බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණ ද නියෝජනය නොකරනු ඇත.

හැරී මේගන් යුවලගේ අනාගතය පිළිබඳ රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එක්ව පැවැත්වූ සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස එම නිගමනයට එළැඹි බව විදෙස් මාද්‍ය සඳහන් කරයි.

 

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *