27 April 2024
#දේශීය

රටවල් දෙකක යුද්ධයක් නිසා ඉන්ධන මිලේ වෙනසක් සිදු විය හැකියි – කැබිනට් ප්‍රකාශක රමේෂ්

ඉන්ධන මිල ඉදිරියේදී යම් වෙනසක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ දැනට පවතින තත්ත්වයන් යටතේ, ලෝක තෙල් මිල විශාල පරිවර්තනයකට පරිවර්තනය වෙමින් තිබෙන බවයි.

යුක්‍රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන යුද තත්ත්වය හා සමගාමීව ලෝක වෙළෙඳපොළෙත් විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑමක් සිදු විය හැකි බව හෙතෙම පැවසිය.

යම් පමණකට එවැනි වෙනස්වීමක් සිදුවෙන්නත් ඉඩතිබෙන අතරම ඒ ගැන තීන්දුවක් අරගෙන නොමැති බවත් නැවත මුදල් අඩුවීමක් සිදුවුවහොත් ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසියත් ජනතාවට ලබාදිය යුතුයි කියන ස්ථාවරයේ සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *