27 April 2024
#දේශීය

යකඩ ඉන්නකින් පහර දී අයෙකු මරුට

බොගස්වැව, නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රීයේදී දෙනෙකු අතර ඇති වු ආරවුලකින් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ පුද්ගලයින් දෙනෙකු අතර ඇති වු ආරවුලක් මත යකඩ ඉන්නකින් පහරදීමෙන් මෙලෙස එක් අයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 54 ක් වු නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය පැවසුවේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් 51 ක් හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බෝගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *