27 April 2024
#දේශීය

රාජ්‍ය ඇමැති විදිහට තමාවත් දැනුවත් කිරීමක් නෑ – රාජ්‍ය ඇමැති රුවන්

පසුගිය ඉරිදා දින දේවාස්ථාන වෙත එල්ල වු ප්‍රහාර පිළිබඳ බුද්ධි අංශ දැනුවත්ව සිටි බවට මේ වන විට තහවුරු වී ඇති නමුත් අග්‍රාමාත්‍යවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තමාට එම බුද්ධි අංශ වාර්තා කිසිවත් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එවැනි බුද්ධි අංශ වාර්තාවක් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ලැබී නොමැති බවයි.

එසේම ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදින්ගේ චංචල හා නිශ්චල දේපළ රාජ සන්තක කිරීමට පියවර ගත යුතුව ඇති බව හෙතෙම පැවසිය. අන්තවාදී සංවිධාන තහනම් කිරිමට පියවර ගත යුතු බවත් ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඔවුන්ගේ නිශ්චල දේපළ හා චංචල දේපළ රාජ සන්තක කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *