ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ (Asia Rugby Emirates Sevens Series) දෙවැනි අදියරේ අද (17) පැවති පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්යය පරාජය කර ලකුණු 21-17ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද සහ හෙට දෙදින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ. පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම පැවැත්වෙන තරගාවලියට ආසියාවේ ප්රමුඛ රග්බි කණ්ඩායම් රැසක් එක්ව සිටිති.
ශ්රී ලංකා කණ්ඩායම අද තවත් තරග තුනකට සහභාගි වීමට නියමිත අතර, පස්වරු 12.24ට හොංකොං කණ්ඩායමටත් පස්වරු 4.04ට ඉන්දීය කණ්ඩායමටත් එරෙහිව තරග වදිනු ඇත.
මෙවර තරගාවලියේ විශේෂත්වයක් වන්නේ පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම කණ්ඩායම් සංඛ්යාව 8 සිට 12 දක්වා ඉහළ නංවා තිබීමයි.
















