2026/2027 වර්ෂය සඳහා ලංකා මහිලා සංගමයේ නව නිලධාරීන් පත් කර ගැනීම සහ වාර්ෂික මහා සභා රැස්වීම එළඹෙන ජූලි මස 04 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම මහා සභා රැස්වීම එදිනට මාලඹේ, වැලිවිට, නුවරපාර, අංක 168/1/1 දරන ස්ථානයේ පිහිටි ලංකා මහිලා සංගම් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මෙහිදී සංගමයේ ඉදිරි වර්ෂය සඳහා වන මධ්‍යම මණ්ඩලය සහ විධායක කමිටුව ද පත් කර ගැනීමට නියමිතව තිබෙනවා. මේ හේතුවෙන් එදින පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලධාරී මණ්ඩලය පත් කර ගැනීමේ අවස්ථාව සඳහා සංගමයේ සියලුම සාමාජිකාවන්ට සහභාගි වන ලෙස ලංකා මහිලා සංගමයේ ප්‍රධාන ලේකම් ඩලසි ගුණවර්ධන මහත්මිය විශේෂ ඉල්ලීමක් කර සිටිනවා.
















