27 April 2024
#ක්‍රීඩා

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වෙයි

අයි.සී.සී, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ, පෙරවරු 10.20ට පමණ ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 651 දරණ ගුවන් යානයෙන්.

මෙහිදී ක්‍රීඩකයන් 18 දෙනෙකු සහ නිලධාරීන් 9 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමක් පිටත්ව ගිය අතර, ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ද මීට ඇතුළත්වීම විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ දිමුත් කරුණාරත්නයි. තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟය නවසීලන්තයට එරෙහිව ජුනි මස 01 වැනි දින පැවැත්විමට නියමිතයි. ඊට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම පුහුණු තරඟ කිහිපයකටත් එක්වීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *