චීනයේ මෝජෑන් (Mojiang) නුවර පැවැත්වෙන 2026 ලොව විශාලතම නිවුන් උළෙල (World Largest Twins Festival) සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුන්නු කණ්ඩායම ඊයේ (අප්‍රේල් 28) දිවයිනෙන් පිටත්ව ගියහ. අප්‍රේල් 30 වැනිදා සිට මැයි 04 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී උළෙල සඳහා ලොව පුරා රටවල් 70ක් නියෝජනය කරමින් නිවුන්නු ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම මෙරටට ආවේණික සංස්කෘතික අනන්‍යතාවය විදහා දැක්වෙන නර්තන අංග, ගීත, කවි සහ කතා ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සූදානමින් සිටියි.













