ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත 25 හැවිරිදි කුලී රථ රියදුරෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු විශ්වවිද්‍යාල සිසුවෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ විදේශීය කාන්තාව මෙම සැකකරුගේ කුලී රථයේ ගමන් කරමින් සිටියදී මෙම අපරාධයට මුහුණ දී ඇති බව වාර්තා වේ. උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරු සහ ඔහු පදවාගෙන ආ රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.













