• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වත්තල නගරය පරිසර හිතකාමී ලෙස සංවර්ධනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලාන්සා කියයි

27 February 2020
in සංවර්ධන

කොළඹ නගරයට ප්‍රධාන පිවිසුම් ස්ථානයක් ලෙස වත්තල නගරය අලංකාර නගරයක් බවට පත් කොට පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ වත්තල පැවති ජනහුමවකට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කියා සිටියේ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසරය ආරක්ෂා කරමින් පරිසර හිතකාමී ලෙස සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු වඩා ක්‍රමවත් හා පරිසර හිතකාමී ලෙස ක්‍රියාවට නංවන බවයි.

වත්තල ප්‍රදේශයේ වගුරු බිම් සහ කුඹුරු ඉඩම් ගොඩ කිරීම නතර කිරීමට කටයුතු යොදා ඇති අතර වත්තල ප්‍රදේශයටද මායිම් වන මුතුරාජවෙල රක්ෂිතය ජෛව විවිධත්වය අතින් ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කරන අතර මෙම රක්ෂිතයට කැලි කසල බැහැර කිරීම නතර කිරීමට කටයුතු යොදා ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

වැසි කාලයේදී වත්තල නගරය ජලයෙන් යටවීම වැලැක්වීම සදහා ඇල මාර්ග සංවර්ධනය සහ මතුපිට කාණු පද්ධති විධිමත් ලෙස සකස් කිරීමට, ලංකාව පුරා ක්‍රියාත්මක වන මාර්ග ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ වත්තල නගර සීමාවේ කිලෝ මීටර් 100 ක් කාපට් ඇතිරිමට, වත්තල අධ්‍යාපන කොට්ඨාශය සදහා ජාතික පාසල් 05 ක්, ක්‍රීඩා පිට්ටනි, බස්නැවතුම්පොළ, ධීවර තොටුපළවල් සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බව අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුල සංවර්ධන වැඩසටහන් රාශියක් වත්තල නගරයේ ක්‍රියාත්මක කළ අතර එතුමාගේ කාලයෙන් පසු වත්තල නගරයේ සංවර්ධන කටයුතු අඩාල වූ අතර වත්මන් රජය සංවර්ධන කටයුතු සදහා ප්‍රමුඛතාවය දී කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයේ රැකියා වරම්

Next Post

රාජපක්ෂලාට තුනෙන් දෙකක් ලැබෙන්නේ නෑ – මන්ත්‍රී මනුෂ

editor

editor

Next Post

රාජපක්ෂලාට තුනෙන් දෙකක් ලැබෙන්නේ නෑ - මන්ත්‍රී මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved