• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයේ රැකියා වරම්

27 February 2020
in සංවර්ධන

සුදුසුකම්ලත් ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා වෘත්තියෙහි රැකියා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පසුගිය 24 වනදා ඊශ්‍රායලයේ ජෙරුසලම්හි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

ඊශ්‍රායල් රාජ්‍යයේ රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලද්දේ එරට විදේශ කටයුතු අමාත්‍ය වෙනුවෙන් එරට අභ්‍යන්තර අමාත්‍ය ආර්ය මච්ලෆ් ඩෙරි (Aryeh Machluf Deri) මහතාය වන අතර ශ්‍රි ලංකා රාජ්‍යයේ රජය වෙනුවෙන්, නිපුණතා සංවර්ධන, කම්කරු හා රැකී රක්ෂා හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් නිපුණතා සංවර්ධන, කම්කරු හා රැකී රක්ෂා අමාත්‍යංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා අත්සන් තබන ලදී.

මෙම ගිවිසුමේ අනුබද්ධිත කොටසක් වන ක්‍රියාත්මක කිරීමේ ප්‍රොටෝකෝලයට අත්සන් තබන ලද්දේ, ඊශ්‍රායල්හි ජනතා විගමණය පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් වන මහාචාර්ය මො යොසෙෆ් (Mo (r) Yosef) මහතා, ශ්‍රි ලංකාව වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා වෙනුවෙන් එහි අධ්‍යක්ෂ (පරිපාලන) නිමල් පියරත්න තිබ්බොටුමුනුව මහතාය.

ඊශ්‍රායලයේ විදේශ සේවකයන් බඳවා ගැනීම සහ තාවකාලික රැකියා නියුක්තියේ යෙදවීම ඊශ්‍රායලයේ බල පවත්වන නීතිය, ඊශ්‍රායල ජාතික ශ්‍රම වෙළඳපොළවල තත්ත්වය සහ විදේශ සේවක රැකියා නියුක්තිය සඳහා විවෘත අංශ සම්බන්ධයෙන් ඊශ්‍රායල රාජ්‍යයේ රජයේ ප්‍රතිපත්තිය මෙන්ම තාවකාලික විදේශ සේවකයන් සඳහා වාර්ෂික කෝටාවන් සහ එක් එක් අංශය සඳහා රැකියා බලපත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් මෙම ගිවිසුමට එළැඹෙන ලදී.

මිනිස් ජාවාරම, නීති විරෝධී සංක්‍රමණය, අලේඛනගත සහ නීති විරෝධී මිනිස්බල බඳවාගැනිම් පරිචයන් සහ විදේශ සේවකයන් නීති විරෝධීව රැකියාවන්හි නියුක්ත කරවීම මර්ධනය කිරීම මෙහි තවත් අරමුණක් වේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ, බඳවාගැනීම් හා පුහුණු) මංගල රන්දෙණිය මහතා, ශ්‍රි ලංකාවේ ඊශ්‍රායල් තානාපති වරුණ විල්පාත මහතා, එහි පළමු ලේකම් මහේෂ් ගුණවර්ධන මහතා, දෙවන ලේකම් රුවන් වික්‍රමසිංහ මහතා ද එක්වී සිටියහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 17
Previous Post

කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන්

Next Post

වත්තල නගරය පරිසර හිතකාමී ලෙස සංවර්ධනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලාන්සා කියයි

editor

editor

Next Post

වත්තල නගරය පරිසර හිතකාමී ලෙස සංවර්ධනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved