මෙරට වතු ප්‍රජාවගේ දෛනික වැටුප රුපියල් 1,350.00 සිට රුපියල් 1,750.00 දක්වා රුපියල් 400.00ක මුදලකින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම වැඩිකිරීම 2026 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ අතර වැඩිකරන ලද වැටුප පසුගිය පෙබරවාරි 10 වන දින වතු කම්කරු ජනතාව වෙත ලබා දී තිබුණි.
වතු කම්කරු ප්‍රජාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුළ එම ජනතාවට ලබා දුන් ඉහළම වැටුප් වැඩිවීම මෙය ලෙස ඉතිහාසයට එක් වේ.
මෙම පියවර මගින් වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.














