ඉරානය වර්තමානයේ මුහුණ දී සිටින අභියෝගාත්මක සහ දුෂ්කර කාල පරිච්ඡේදය සාර්ථකව ජය ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා අවශ්‍ය සහාය ඉරානයට ලබා දෙන බවත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබේ. රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවරදී ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි හමුවූ අවස්ථාවේදී රුසියානු ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මෙහිදී නිල සාකච්ඡා පැවැත්වුණු අතර, ඉරාන විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය සඳහා පැමිණි ගුවන් යානය ‘මිනාබ් 168’ ලෙස නම් කර තිබීමද විශේෂත්වයකි. මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය හමුවේ රුසියාව සහ ඉරානය අතර මෙලෙස සහයෝගීතාව වර්ධනය වීම ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත.












