වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ හිමිනමක් සහ එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම දූෂණයට ලක්වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා වන අතර, ඔහු බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වෙසෙන 25 හැවිරිදි අයෙකි. මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි තැනැත්තියකි.
පසුගිය 20 වැනිදා සැකකරුවන් අත්අඩංගුවට ගෙන 21 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකාර හිමිනම අද (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.















