මොරොක්කෝවේ රබාත් නුවර පැවැත්වෙන ලෝකප්‍රකට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
ඔහු මෙම ඉසව්වේදී මීටර 85.97ක දක්ෂතාවක් වාර්තා කළ අතර, මෙම ජයග්‍රහණයත් සමඟ ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් ඉහළම දක්ෂතාව පෙන්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාසයට එක් විය.
මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.
















