2026 වසරේ පළමු මාස හය තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.956ක් දක්වා සියයට 27කින් ඉහළ ගොස් ඇති අතර, ඉකුත් වසරේ පැවති අයවැය හිඟය වෙනුවට රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.
පළමු මාස හය තුළ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.71ක් (රුපියල් බිලියන 2,710.6ක්) දක්වා සියයට 25.9කින් වර්ධනය වී ඇති අතර, එය වාර්ෂික බදු ආදායම් ඉලක්කයෙන් සියයට 55.2කි. මෙහිදී ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,290ක ආදායමක් (සමස්තයෙන් 48%) සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1,248ක ආදායමක් (සමස්තයෙන් 46%) ලබා දී ඇත. විශේෂයෙන්ම මෝටර් රථ ආනයන මත අය කළ බදු ආදායම සියයට 106.5කින් (රුපියල් බිලියන 266.4ක් දක්වා) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක වර්ධනයක් වාර්තා කර ඇත.














