27 April 2024
#දේශීය

විල්ගමුවේ අධ්‍යාපන අධ්‍යක්ෂක මාරු කිරිම පිටුපස දේශපාලන බලපෑම් නෑ – ලේකම් ගාමිණි කියයි

විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හදිසියේ නුවරඑළිය අධ්‍යාපන කලාපය වෙත ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ආයතනය විසින් වාර්තා කර ඇති කරුණු නිවැරදි නොවන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (03) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ තමාට කිසිදු ආකාරයක බලපෑමක් දේශපාලනඥයින් හෝ පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදු නොකල බවයි.
එසේම අදාල නිලධාරියා සම්බන්ධයෙන් දිගින් දිගටම තමාට යොමුකෙරෙන ලිඛිත සහ වාචික පැමිණිලි පදනම් කරගනමින් තමා මෙම තීරණය ගත් බව ලේකම්වරයා මෙහිදී සදහන් කර සිටියේය.

ආයතන සංග්‍රහය තුල ඇති විධි විධාන ප්‍රකාරව තමා කටයුතු කර ඇති බවත්, අදාල නිලධාරියාගේ වංචනික ක්‍රියාවන් වලට සම්බන්ධවුවන් විසින් සාවද්‍ය කරුණු ප්‍රචාරය කරමින් සිටින බවත් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *