අධිකරණ හා ජාතික ඒකාබද්ධතා පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇත්තේ, අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 2,647ක් පවතින බවයි. 2018 වසරේ සිට මේ දක්වා කිසිදු බඳවා ගැනීමක් සිදු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව නිලධාරීන් පෙන්වා දී තිබේ.
මෙම ගැටලුව කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.















