27 April 2024
#දේශීය

වෛද්‍ය පරිපාලකයින්ට මාධ්‍ය හමු පැවැත්වීම ගැන දැනුම් දීමක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකක වල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින් මාධ්‍ය හමුවක් පවත්වා මාධ්‍යයට කරුණු දැක්වීමේ දී අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

මෙම තීරණය පිළිබදව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුවත් කර ඇති බවත් ඉන් පරිභාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *