27 April 2024
#දේශීය

සියළු දෙනා රටේ පොදු නීතියට අවනත විය යුතුයි – කථානායක

තමන් කවර ජාතියකට කවර ආගමකට කවර සංස්කෘතියකට අයත් වුවත් සියළුදෙනා රටේ පොදු නීතියට අවනත විය යුතු බවත් කිසිවෙකුට ආගම හෝ ජාතියට මුවා වී නීතිය නමන්නට හෝ උල්ලංඝනය කරන්නට නොහැකි බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

අන්තවාදී උන්මත්තකයන් සුළු පිරිසක් නිසා සමස්ත මුස්ලිම් ජනතාව පිළිබඳව අයහපත් ආකල්පයක් ඇතිකර නොගත යුතු බවත් බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදයට විරුද්ධව නැගී සිටීමට සූදානම් බවත් කෙසේ වෙතත් අන්තවාදී උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන පාලනයටත්, බහුතර මුස්ලිම් ජනතාව එකහෙළා ප්‍රතික්ෂේප කරන ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කරන නීතිවිරෝධී විවාහ පිළිබඳව නීති ගෙන ඒමටත්, පාර්ලිමේන්තුව කඩිනමින් කටයුතු කරනු ඇති බව කථානායකවරයා පැවසීය. දැනටමත් ලංකාවට ආගන්තුක බුර්කාව වැනි විලාසිතා තහනම් කරන ලෙස මුස්ලිම් සමාජයෙන් නිතිපතා ඉල්ලීම් ලැබෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කථානායකවරයා මේ බව සඳහන් කළේ අද(28) දින කොළඹ 07 මහාභාරකාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ඩී.බී ජයතිලක ගුණානුස්මරණ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

එදා ඩී.බී ජයතිලක, ඩී.එස් සේනානායක වැනි නායකයන් සමඟ එක්ව මවුබිමේ නිදහස උදෙසා අධිරාජ්‍යවාදයට එරෙහිව කටයුතු කිරීමට මුස්ලිම් නායකයන්ද ඉදිරිපත් වූ බවත් අන්තවාදීන් සුළු පිරිසක් හැරුණු විට මවුබිමේ අභිවෘධිය වෙනුවෙන් කැප වන විශාල මුස්ලිම් ජනතාවක් වර්තමානයේ ද ත්‍රස්ථවාදයට එරෙහිව පෙරට පැමිණ ඇති බව කථානායකවරයා සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *