27 April 2024
#දේශීය

ශක්තිමත් ආණ්ඩුවක් ලඟදීම – ශ්‍රීලංනිපෙ ජාතික සංවිධායක දුමින්ද කියයි

රටට වගකියන, රට දියුණු කරන , ශක්තිමත් ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ 2019 ජනාධිපති මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා, ” අපි ඉතාමත් පැහැදිළිවම කිව්වා එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනවා, වගේම ඉදිරි දිනයකදී අපි අලුත් ආණ්ඩුවක්,රටට වගකියන, රට දියුණු කරන , ශක්තිමත් ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට (18) පෙරවරු 11.00 ට රුවන්වැලි සෑය අභියසදී සිදු කෙරෙනවා.ඒ නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට ආරාධනා කරනවා පැමිණ මේ ජයග්‍රහණය භුක්ති විදින්න අපි රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් මේ ජයග්‍රහණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් කථා කිරීමේදී අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ අපි අත්වැල් බැඳගන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තියා ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම ආරක්ෂා කර ගන්නවා කියන පොරොන්දුව හා බලාපොරොත්තුව එක්ක,ඒ තිබුණ බලාපොරොත්තුව අබමල් රේණුවකින්වත් අපි කඩ කරන්නේ නෑ, සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ව ආරක්ෂා කරනවා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා කියන කාරණයත් මතක් කර සිටිනවා යැයි පැවසීය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *