27 April 2024
#දේශීය

ස්විස් තානාපති සේවිකාව වහාම අත්අඩංගුවට…

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටි සේවිකාවක් පැහැරගැනීමට ලක්වීයැයි කියන සිදුවීමට අදාලව වහාම ගතයුතු පියවර පිළිබඳව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට නියෝග නිකුත්කර තිබේ.

ඒ අනුව, අදාල නිලධාරිනිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට උපදෙස් දුන් බව ආරක්ෂක අමාත්‍යාංශ ආංචි මාර්ග කියයි.

අදාල කාන්තාව, රජය අපකීර්තිය ට පත්කිරීම සහ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරමින් ආරක්ෂක අංශ නොමග යැවීම යන චෝදනාවන් මත මෙසේ අත්අඩංගුවට ගැනීමට නියම කර තිබේ.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *