ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී පවත්වන ලද ජන හමුවක් අමතමින්, මැදවච්චිය ආසන සංවිධායක චානක විජේසූරිය මහතා ප්රකාශ කර ඇත්තේ වත්මන් රජය කෙතරම් මර්දනකාරී පියවර ගත්තද 2029 වසරේදී මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ නාමල් රාජපක්ෂ මහතා බවයි.
වත්මන් ආණ්ඩුව විසින් විපක්ෂයේ ක්රියාකාරීන් සහ දේශපාලනඥයන් සිරගත කරමින් “චූන් එකක්” ගැනීමට උත්සාහ කරන බවට චෝදනා කළ ඒ මහතා, සිරගෙවල් දහසකට දැමුවද පොහොට්ටුවේ ගමන නතර කළ නොහැකි බව සඳහන් කළේය. ඉදිරි මැතිවරණවලදී ජනතාව පවතින ආණ්ඩුවේ නොහැකියාවට එරෙහිව පෙළගැසෙනු ඇති බවත්, 2029 වසරේදී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීම වැළැක්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.













