• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හෙට සිට ඇරැඹෙන අලුත් ජන ජීවිතය ගැන මහින්ද අගමැතිතුමාගෙන් නිවේදනයක්

10 May 2020
in දේශීය

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කර හෙට (11) දින සිට ක්‍රමානුකූලව සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

 කොරෝනා රෝගය පාලනය කර, ක්‍රමිකව සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීම

කොවිඩ් -19 අලුත් රෝගයක් ලෙස ලෝක අවධානයට යොමු වූයේ මේ අවුරුද්ද මුලදීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම ඉතා අවංකව පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් බවත්, ඔවුනුත් මේ රෝගය ගැන තවමත් ඉගෙන ගනිමින්  සිටින බවය. 2020 පෙබරවාරි 29 වැනිදා වෙනතුරුත් ලෝක  සෞඛ්‍යය සංවිධානය සිටියේ ජාත්‍යන්තර ගමනාගමනය තහනම් නොකළ යුතුය යන ස්ථාවරයේය. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට අපහසු නම්,  මුඛ ආවරණයක් පාවිච්චි කළ යුතුය යන නිර්දේශය ඔවුන් නිකුත් කළේ  අප්‍රේල් 6 වෙනිදාය. මේ රෝගය ගැන හැම රටක්ම ඉගෙන ගත්තේ අත්දැකීම් වලින්මය.ල්

මේ උවදුරට ලංකාව කල්තියාම සූදානම් විය. ජනාධිපතිතුමා ජාතික කොරෝනා මර්ධන කාර්යසාධක කමිටුව පිහිටුවනු ලැබුවේ ජනවාරි 26 වැනිදාය.  මාර්තු 4 වැනිදා ලංකාවේ  එකම කොරෝනා රෝගියෙකු නැතුව වුවද හැඳල ප්‍රදේශයේ පළමු නිරෝධායන මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කරනු ලැබීය.  ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගනු ලැබුවේ මාර්තු 10 වැනිදා රාත්‍රියේය.  ඊට පහුවදාම මාර්තු 11 වැනිදා සිට කොරෝනා රෝගය වැඩි වශයෙන් පැතිරෙන රටවල්වලින් ලංකාවට එන අය නිරෝධායනයට යොමු කිරීම සිදුවිය. මුල් අවස්ථාවේ සිටම රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගොස් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විසින් ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම නිසා මේ රෝගය සතුටුදායක මට්ටමකට පාලනය වී ඇත.

මේ අවස්ථාව වනවිට, කොරෝනා රෝගය පාලනය කිරීම පැත්තෙන් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටකි. ඒ ගැන අපේ රජයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය අංශයත්, රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සෙවීම සාර්ථකව සිදු කළ බුද්ධි අංශත්, මේ සටනේ පෙරමුණේ සිට ජනතාව මෙහෙයවීමේ කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුලු සියලුම පිරිස් ඔවුන් කළ මේ මෙහෙවර ගැන සැබවින්ම ආඩම්බර විය යුතුය. එංගලන්තයේ පදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු  මේ වන විට කොරෝනා රෝගය හේතුවෙන් මිය ගොස් තිබුණද, ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙම රෝගය හේතුවෙන් මිය ගොස් ඇත්තේ නව දෙනෙක් පමණක් වීම සැලකිය යුතු කාරණයකි.  පසුගිය නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති නොවුයේ නම්, මේ ජයග්‍රහණ එකක්වත් ජනතාවට ලැබෙන්නේ නැති බවත් කිව යුතුය.

කොරෝනා වෛරස් රෝගය යම් පාලනයකට යටත් කිරීමත් සමඟම ඇඳිරිනීතිය ලිහිල් කිරීමට දැන් පටන්ගෙන ඇත. ඔබ කවුරුත් දන්නා පරිදි, ඇඳිරිනීතිය ප්‍රකාශ කොට  රට ‘ෂට් ඩවුන්’ කරන බවක් කීවද, ලෝකයේ මොනම රටක්වත් සම්පූර්ණයෙන්ම ‘ෂට් ඩවුන්’ කළ නොහැක.  ජනතාවගෙන් වැඩි පිරිස ගෙවල් වල සිටින අතර තවත් මිලියන ගණනක් ජනතාවට වැඩ කිරීමට සිදුවේ.  මුළු රට පුරාම ඇඳිරිනීතිය තදින්ම ක්‍රියාත්මක වූ දවස්වල පවා සෞඛ්‍යය අංශ,  ත්‍රිවිධ හමුදාව,  පොලීසිය, වී ගොවීන්, එළවළු ගොවීන්, ධීවරයන්, ආහාර, බෙහෙත් වැනි ද්‍රව්‍ය බෙදා හරින අය හා ඇතැම් කර්මාන්තශාලා පවා වෙනදා මෙන්ම වැඩ කළේය. රට සාමාන්‍ය තත්වයට පත්කිරීම යනුවෙන් අදහස් වෙන්නේ,  මුල සිටම පැවති ඒ තත්ත්වය  ටිකෙන් ටික ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමයකටය.

රාජ්‍ය අංශයෙත්, පුද්ගලික අංශයෙත් මුලින් සේවකයන් සුලු පිරිසක් වැඩපොලට ගෙන්වා, බස් රථවල, දුම්රිය මැදිරි වල එකවර ගමන් කළ හැකි මගීන්  ගණන සීමා කොට, පාසල්,  උපකාරක පන්ති තවදුරටත් වසා තබා, හැකි තරම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන ගමන් රටේ සාමාන්‍ය වැඩ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දිනවලදී ක්‍රියාත්මක වීමට නියමිතය. මීට කළින් ඇතැම් දිස්ත්‍රික්කවල  ඇඳිරිනීතිය පැය ගණනකට ඉවත් කළ මුල් අවස්ථාවේ ජනතාව සමාජ දුරස්ථභාවය නොතකා කටයුතු කළ ආකාරය අපි දුටුවෙමු.  නමුත් කාලයකට පසු ජනතාව ඊට වඩා කල්පනාකාරීව  කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. ඇඳිරි නීතිය ලිහිල් කලාට පසුවද, එවන් කල්පනාකාරී හැසිරීමක් අත්‍යාවශ්‍ය වෙනු ඇත. කොරෝනා වෛරස් අවදානම පාලනයකට යටත් කොට ඇතත්, සම්පූර්ණයෙන්ම නැති වී නැති බව අපි කවුරුත් මතක තබා ගත යුතුය.

රෝගීන් සෙවීම සඳහා ජනතාව අතර නියැදි පරීක්‍ෂණ දිගටම සිදු වෙනු ඇත. නිරෝධායන මධ්‍යස්ථානද දිගටම පවත්වාගෙන යනු ඇත. ඉදිරියේදීත් කොරෝනා වෛරස් රෝගීන් හමුවිය හැකිය. නමුත් එවැනි තත්යවන් පාලනය කිරීමේ ක්‍රමවේදයන් අපේ සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රගුණ කර තිබෙන බව  මම විශ්වාස කරමි. ඉදිරියටද අවශ්‍ය වුවහොත් කලින් මෙන්ම යම් ප්‍රදේශ හුදකලා කිරීම,  පොලිස් බලප්‍රදේශ  තුළ ඇඳිරිනීතිය පැනවීම යනාදිය අවශ්‍ය වීමට ඉඩ ඇත. රෝගය පැතිරීම පාලනය කිරීමත්, හැකි හැම තැනකම  සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමත් සමබරව පවත්වාගෙන යෑම සිදු කළ යුතුය. ලංකාවේ පමණක් නොව කොරෝනා වෛරස් මරණ දස දහස් ගණන් වාර්තා වූ ඉතාලිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකාව වැනි රටවල පවා මේ අවස්ථාවේදී සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇත.

කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත්, පොලීසියටත් ලැබුණු ආකාරයේම සහයෝගයක්, රට සාමාන්‍ය තත්වයට පත්කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

Post Views: 6
Previous Post

හිඟ ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

Next Post

11 හැසිරිය යුත්තේ කොහොමද පොලිසිය දන්වයි

editor

editor

Next Post

11 හැසිරිය යුත්තේ කොහොමද පොලිසිය දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved