• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලබන මාස 03 ඇතුලත උපාධිධාරින්ට රැකියා

22 January 2020
in දේශීය

උපාධිධාරීන් සඳහා 54000 ක් සඳහා රැකියා ලබාදීමට ඉදිරි මාස 03 ඇතුළත සැලසුම් ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් විසින් අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ පවසා සිටියේ රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු සම්පාදනය කරන බවයි.

එහිදී රජයේ මාධ්‍ය ප්‍රකාශක විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. රැකියා අපේක්ෂා කරන අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින්ට මේ සඳහා පුවත්පත් දැන්වීම් මගින් පළ කර ඇති අයදුම්පත් ග්‍රාම නිලධාරි මගින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප මාර්තු මස පළමුවන දින සිට රු.1000 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ තම රජය පාලන බලය ලබාගෙන පැය 72ක් ඇතුළත සුළු අපනයන බෝග ප්‍රතිඅපනයනය නතර කිරීමට පියවර ගත් බවයි.

එසේම විශාල වශයෙන් බදු අඩු කිරීමට පියවර ගත් බවත්, නව විදේශ ආයෝජන ලබා ගැනීමට SDP වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වන විට රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු සම්පාදනය කරන බවත් ජනාධිපතිවරයා මේ කටයුතු පුද්ගලිකවම නිරීක්ෂණය කරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. උපාධිධාරීන් සඳහා 54000 ක් සඳහා රැකියා ලබාදීමට ඉදිරි මාස 03 ඇතුළත සැලසුම් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

Post Views: 15
Previous Post

කැබිනට් ආරක්ෂක ඇමැති කවුද? මන්ත්‍රී විජිත ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරයි

Next Post

ජනතාව අනිසි ලෙස බියවද්දවන්න එපා – ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

editor

editor

Next Post

ජනතාව අනිසි ලෙස බියවද්දවන්න එපා - ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved