• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයවැයට අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04

5 January 2019
in දේශීය

2019 වර්ෂය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අපේක්ෂාව වන අතර මෙම අයවැය ප්‍රධාන වශයෙන් කාර්ය සාධනය මත පදනම්වූ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ අනුව ඒ ඒ අමාත්‍යාංශවල වැය ශීර්ෂ සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබනුයේ අදාළ අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා ක්‍රියාකාරි සැලසුම් ඉදිරිපත් කිරීමේ පදනමින් වේ.

එමෙන්ම මෙම අයවැය මගින් පුනරාවර්තන වියදම්, දළ දේශිය නිෂ්පාදිතයෙන් 15% ප්‍රතිශතයකට සීමා කිරීම, රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදනයෙන් 3.5% ක ප්‍රතිශතයක පවත්වාගෙන යාම, අයවැය හිඟය දළ දේශිය නිෂ්පාදිතයෙන් 3.5% ප්‍රතිශතයකට සීමා කිරීම සහ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යාම යන ප්‍රතිඵලයන් සාක්ෂාත් කර ගැනීමට රජය කටයුතු කරමින් පවතී.

2015 වර්ෂයේ සිට වත්මන් රජය පවත්වාගෙන ආ රාජ්‍ය ආදායමේ වර්ධන වේගය ඉදිරියටත් පවත්වාගෙන යාම ද එහි එක් අරමුණක් වේ.

දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 2015 වර්ශයේ 13.3% ක අවම මට්ටමක පැවතිණි. 2016 වර්ෂයේ 14.2% ක් ලෙස ද 2017 වර්ෂයේ 13.8% ක් ද වශයෙන් රජයේ ආදායම වර්ධනීය මට්ටමක පවත්වා ගැනීමට වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තීන් මත හැකියාව ලැබිණි.

රාජ්‍ය ආදායම් ප්‍රතිශතය තව දුරටත් වර්ධනය කර ගනිමින් 2019 වර්ෂයේ 17% දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. බදු ආදායමේ වර්ධනය සහ අපනයන ආදායමේ වර්ධනය ඉකුත් වර්ෂයන් හී සාධනීය තත්වයක පැවතීම රාජ්‍ය ආදායම ඉහළ අගයක් ගැනීමට බලපෑ අතර එම අංශයන් හී වර්ධනය තවදුරටත් පවත්වා ගනිමින් අපේකෂිත රාජ්‍ය ආදායම් වර්ධනය ලඟා කර ගැනීමට රජය කටයුතු යෙදීමට බලාපොරොත්තු වේ.

2019 විසර්ජන පනත අනුමැතිය සඳහා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන අතර පෙබරවාරි 05 දින එය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.2019 අයවැය යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම(දෙවන වර කියවීම) මාර්තු මස 05 දින පැවැත්වේ. තුන්වැනි වර කියවීමේ විවාදය මාර්තු13 දින ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත .2019 ජාතික අයවැයේ අවසන් ඡන්ද විමසීම 2019 අප්‍රේල් මස 04 දින සිදුකිරීමට නියමිතයි.

 

Post Views: 27
Previous Post

කුමන්ත්‍රණයකට හවුල් වුණේ නෑ – රෙජිනෝල්ඩ් කුරේ කියයි

Next Post

උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කෙරේ

editor

editor

Next Post

උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved