27 April 2024
#දේශීය

ඇමැති ධුර 04 ක් නිදහස් පක්ෂයට .. කථානායක මහින්ද ද?

නව කැබිනට් මණ්ඩලය සඳහා මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුර 04 ක් හිමිවන බව වාර්තා වේ.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේ මේ වන විට නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර යන අයට අමාත්‍ය ධුර ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. එසේම මෛත්‍රිපාල සිරිසේන මහතාට අමාත්‍ය ධූරය ලබා දීම තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව වාර්තා වේ.

ඒ මහින්ද යාපා අබේවර්ධන යන අයට කථානායක තනතුර ලබා දීමට සාකච්ඡා කරමින් පවතියි. මහින්ද යාපා කථානායක තනතුර බාර ගත හොත් මෛත්‍රිපාල සිරිසේන හට ප්‍රබල අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *