• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

17 January 2019
in සංවර්ධන

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මහතා අතර නිල හමුවෙන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.

පළමුව අත්සන් තැබුණේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමට යි. පිලිපීන රජය වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් Delfin N. Lorenzana මහතා ඊට අත්සන් තැබු අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ගිවිසුමට අත්සන් තැබුවේ ය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සංචාරක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. ඊට පිලිපීන රජය වෙනුවෙන් පිලිපීන සංචාරක දෙපාර්තමේන්තුවේ ලේකම් Bernadette Romulo puyat මහතා අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අත්සන් තැබුවේ ය.

දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ඊට ද ශ්‍රී ලංක රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අත්සන් තැබූ අතර, පිලිපීන රජය වෙනුවෙන් එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් Waldo Carpro මහතා අත්සන් තැබීය.

කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා 2008 වසරේ දී පිලපීනයේ කළ සංචාරයේ දී එවකට පිලිපීනයේ කෘෂිකර්ම ලේකම්වරයා සමග පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස අද ජනාධිපතිවරයා ලෙස එතුමා ඉදිරියේ දී මෙම ගිවිසුමට එළැඹීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව අත්සන් තැබුණේ දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමට යි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මහත්මිය ඊට අත්සන් තැබූ අතර පිලිපීන රජය වෙනුවෙන් එරට උසස් අධ්‍යාපන කොමිසමේ මහාචාර්ය E.De Vera මහතා අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ පිලිපීනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලය අතර කෘෂිකර්ම තාක්ෂණික සහයෝගීතාවය පිළිබ`දව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයන්ට පශ්චාත් උපාධි පාඨාමාල ස`දහා අවස්ථාව උදාකර දීම එහි අරමුණයි. පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි අරුණි රණරාජා මහත්මිය හා ලොස් බානොස් විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය Fernando C. Sanchez මහතා ඊට අත්සන් තබන ලදී

Post Views: 15
Previous Post

ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා හජ් කෝටාව වැඩිවේ

Next Post

මාවත් අන්දන්න පුළුවන්.. ! රැවටෙන්න පුළුවන්… ! ඇමැති හරින් කියයි

editor

editor

Next Post

මාවත් අන්දන්න පුළුවන්.. ! රැවටෙන්න පුළුවන්... ! ඇමැති හරින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved