27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07 ක් සුදානමින්  – ඇමති ප්‍රසන්න

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07 ක් සුදානම් වෙමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වසර අවසන් විමට පෙර එම ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි.

මේ අතුරින් ගුවන් සමාගම් 05 ක් දැනටමත් කටුනායක ගුවන් තොටුපළට සිය මෙහෙයුම් සිදු කිරිමට එකගත්වය පළ කර තිබෙන බව හෙතෙම පැවසිය.

රුසියාවේ AEROFOLT ගුවන් සමාගම නොවැම්බර් 04 වන දා සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර රුසියානු ගුවන් සමාගමක් වන AZUR AIR ගුවන් සමාගම සිය කාලසටහන්ගත ගුවන් ගමන් ලබන 11 වන දා සිට සිදු කිරීමට නියමිතයි.

ඔවුන්ගේ විශේෂ ගුවන් යානා ලබන 30 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඉතාලි NEOS ගුවන් සමාගමත්, ප්‍රංශයේ AIRFRANCE ගුවන් සමාගමත් නොවැම්බර් 01 වන දා සිට කටුනායක ගුවන් තොටුපළට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

බංගලාදේශ US BANGLA AIRLINES සමාගම ද නොවැම්බර් 01 වන දා සිට කටුනායක ගුවන් තොටුපළට ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා සුදානමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *