• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාවණ – 1 චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් කක්ෂගත කරයි

17 June 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ දී (Kyushu Technical Institute) නිර්මාණය කළ, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබූ රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව අද (17) දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදුවිය.

අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයෙන් අප රට ළඟාකරගත් සුවිශේෂී ජයග්‍රහණය වන මෙරට ප්‍රථම චන්ද්‍රිකාව නිර්මාණය වන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය 2014 වර්ෂයේ දී ආරම්භ කළ දිගුකාලීන අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන වැඩසටහනේ එක් පියවරක් ලෙසිනි.

ඒ අනුව, නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී.ක්ලාක් ආයතනය, ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය සමඟ 2017 වසරේදී එළඹී සහයෝගීතා පර්යේෂණ ගිවිසුමට (Cooperate Research Agreement) අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා එක් පූර්ණ ශිෂ්‍යයත්වයක් ආතර් සී. ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු දුලානි චාමිකා මෙනවිය වෙත හිමි විය. ඊට අමතරව මුදල් ගෙවන සාමාජිකයෙකු ලෙස ආතර් සී.ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු තරිදු දයාරත්න මහතාවත් රජය විසින් මේ කාර්යයට ඉදිරිපත් කරන ලද අතර, මෙම නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 21.5 ක් ශ්‍රී ලංකා රජය විසින් වැය කර තිබේ.

ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය මගින් ලෝකයේ චන්ද්‍රිකා තාක්ෂණය මෙතෙක් යොමු නොවූ රටවල් සඳහා අවස්ථාව ලබා දෙන BIRDS නමින් ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි. ඒ යටතේ BIRDS – 3 නම් වූ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව, නේපාලය සහ ජපානය යන රටවල් වෙනුවෙන් නැනෝ චන්ද්‍රිකා තුනක් නිර්මාණය කිරීමේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබීය.

මෙම BIRDS – 3 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කරන ලද රාවණ – 1 චන්ද්‍රිකාව, නේපාලය වෙනුවෙන් වූ NepaliSat -1 සහ ජපානය වෙනුවෙන් වූ Uguisu යන චන්ද්‍රිකා ත්‍රිත්වය අප්‍රේල් මස 18 වන දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යවා ජපානයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අයත් කොටසෙහි රඳවා තබනු ලැබීය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට KIBO පර්යේෂණ මොඩියුලය ආධාරයෙන් ජුනි 17 වන දින (අද දින) ප.ව. 3.45 ට පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහැරීම සිදුකරන ලදි.

මෙම අවස්ථාව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීවීව ප්‍රදර්ශනය කිරීමට ආතර් සී. ක්ලාක් ආයතනය කටයුතු කළ අතර ඒ සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජය ගැනීම පිළිබඳව ජාතියක් වශයෙන් ආඩම්බර විය හැකි බවයි. එසේම මෙවැනි නිර්මාණශිල්පීන් දිරිමත් කරමින් ඉංජිනේරුවන් දෙපලට ආචාර්ය උපාධි හැදෑරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවත්, ඉදිරියේදී මීට වඩා ඉහළ ප්‍රමාණයේ චන්ද්‍රිකා නිර්මාණය කිරීම සඳහා ජපානය, රුසියාව, ජර්මනිය, ඉරානය වැනි රටවලින්ද අවශ්‍ය සහයෝගය ලබාගනිමින් අපේ රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය චන්ද්‍රිකා දත්ත ලබා ගැනීම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

 

 

Post Views: 13
Previous Post

නුසුදුසු තත්ත්වයේ බිළිඳ සනීපාරක්ෂක තුවා විකිණීමේ ජාවාරමක් වටලයි

Next Post

කොදෙව් පිල පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

editor

editor

Next Post

කොදෙව් පිල පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved