27 April 2024
#වෙනත්

සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්

කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව   සාමූහිකත්වයෙන් ගොඩනැගුනු ‘සමගි සහන අරමුදල”මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද(5) මුව ආවරණ 10000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු  ලැබීය.

අදාල මුව ආවරණ තොගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීමේ අවස්‍ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර,හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ,හිටපු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

අදාල මුව ආවරණ තොගය ලබා දුන්නේ කොරෝනා උවදුර තුරන් කිරීමට අති මහත් මෙහෙවරක් ඉටු කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ ප්‍රයෝජනය සදහාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *