දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක, බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දී ඇත.














