27 April 2024
#දේශීය

රුපියල් 5000 ට නිල ජන්ද පත්‍රිකා මිලදී අරගෙන හිරේ

නිල ඡන්ද පත්‍රිකා මිලදී ගැනීමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

හෙට (05) දිනයේ පැවැත්වීමට තිබෙන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකාවක් ඔවුන් මිලදී ගෙන ඇත්තේ රුපියල් 5000 බැගින් ගෙවිමින් බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

බේරුවල ප්‍රදේශයේ දී මෙම කටයුත්තේ යෙදී සිටි දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මෙම කටයුත්ත සඳහා  පැමිණි තවත් දෙදෙනෙක් පළා ගොස් ඇති බවත් වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *