8 September 2024
#දේශීය

මෙරට 13 වන කොවිඩ් මරණය වාර්තා වේ

බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (14) මියගොස් තිබේ.

 සැප්තැම්බර් මස 02 වනදා මෙරටට පැමිණි ඔහු 60 හැවිරිදි පුද්ගලයෙකු වන අතර නාවිකයෙකු වශයෙන් සේවය කර සිටි අයෙකි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේනදයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මිය ගිය පුද්ගලයා කොරෝනා රෝගියෙකු ලෙස හදුනාගෙන නොමැති අතර ඔහු නිරෝධායනයට ලක් කරමින් සිටින අතරතුර පසුගිය 09 වනදා හලාවත මුලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි.

මෙම මරණයට හේතුව ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටියේ හෘදාබාධා තත්ත්වයක් බවයි.

මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 13 වන කොව්ඩ් මරණය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *