බාහිර ආයෝජකයින් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබූ මතභේදාත්මක නව පුද්ගලික ආයෝජක සැලැස්ම අවලංගු කළ බව ෆීෆා සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.
ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන තරගාවලි පවත්වාගෙන යාම වෙනුවෙන් ඩොලර් බිලියන 20ක වටිනාකමකින් යුත් නව අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට සහ එහි 20%ක කොටස් බාහිර ආයෝජකයින්ට විකිණීමට යෝජනා වී තිබුණි. කෙසේ වෙතත්, මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බවට සාමාජිකයින් 55 දෙනෙකුගෙන් යුත් යුරෝපීය පාපන්දු සංගමය අනතුරු ඇඟවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇත. එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඉන්ෆැන්ටිනෝගේ ජ්‍යෙෂ්ඨ උපදේශක කාලෝස් කෝඩෙයිරෝ ඉල්ලා අස්වී ඇති අතර, මාර්තු මාසයේ පැවැත්වෙන ෆීෆා සම්මේලනයේදී සිව්වන වරටත් සභාපති ධුරයට පත්වීමට උත්සාහ කරන ගියානි ඉන්ෆැන්ටිනෝ මේ වන විට දැඩි පීඩනයකට මුහුණ දී සිටී.














