27 April 2024
#ක්‍රීඩා

16 කොටු කර ගැනීමේ සැලසුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පාර්ශවය නියෝජනයෙන් ඉවත් වු 16 දෙනාව යම් යම් සිද්ධින්වලට කොටු කර ගැනීමේ සැලසුමක් ඇති බව ආරක්ෂක අංශය පවසයි.

ආරක්ෂක අංශ අභ්‍යන්තර වාර්තා කර සිටින්නේ පසුගිය රජය සමයේදී සිදු කළ ඇතැම් ගනුදෙනුවලට ඍජුව වගකිව යුතු පිරිස් බවට මෙම 16 දෙනා පත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරනු ඇති බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඇතැම් ප්‍රචාරණ කටයුතු හා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමෙන් සිදු කරනු ලැබු ව්‍යාපෘතිවල දී ඇති වු මුදල්ගනු දෙනු වලට ඍජුව වගකීම මෙම 16 දෙනා මත පැටවීම සිදු කිරීම මුළිකව ඇති බව එම අභ්‍යන්තර තොරතුරු වැඩිදුරටත් වාර්තා කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *