• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිංගප්පූරු ගිවිසුමට විවාදය 18 ?

26 June 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දි‍නෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තුෂාණි රෝහණධීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ දිනේෂ් ගුණවර්ධන මහතා මේ ඉල්ලීම් ලිඛිතව කර තිබෙන බවයි.

විවාදය බොහෝ දුරට ලබන 18 වැනි දා පැවැත්වෙන ඇතැයි ද රෝහණධීර මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුමේ තොරතුරු කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි ඒකාබද්ධ විපක්ෂය පසුගියදා රජයට චෝදනා කළේය.

සංදේශය

මේ අතර, අස්ගිරිපාර්ශවයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ට මේ ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ලිපියක් යොමුකර තිබේ.

අදාළ, ලිපිය මගින් අමාත්‍යවරයා මේ ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රධාන චෝදනා කිහිපයකට පිළිතුරු ලබාදී ඇත.

රහස් ලියවිල්ලක් ද ?

මෙම වෙළඳ ගිවිසුම අමාත්‍ය මණ්ඩල අනුමැතියට 2017/12/22 වැනිදා ඉදිරිපත් කළ බවත්, එසේම එය 2018 ජනවාරි 02 හා ජනවාරි 09 දිනවලදී අමාත්‍යවරුන්ගේ සාකච්ඡාවට ලක්වූ බවත් එහි දක්වා තිබේ.

නීතිපතිවරයාගේ නිරීක්ෂණය ලබා ගැනීමෙන් පසු ගිවිසුමේ අවසන් කෙටුම්පත 2018 ජනවාරි 16 දා අමාත්‍ය මණඩලය වෙත ඉදිරිපත් කර එය අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් බවයි.

ලංකාවට වෙළඳ ප්‍රතිපත්තියක් තියෙනවා

ලංකාවට වෙළඳ ප්‍රතිපත්තියක් නොමැති බවට පලව ඇත්තේ දුර්මතයන් බවත්, 2017 -08-01 දින කැබිනට් අනුමැතියක් සහිතව නව වෙළඳ ප්‍රතිපත්තියක් සම්මත කර ඇති බවද මලික් අමාත්‍යවරයා කියා සිටී.

එම ප්‍රතිපත්තිය සැකසන ලද්දේ වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වෙළඳාමට අදාල සියලු රාජ්‍ය ආයතන, කර්මාන්ත සංගම් හා වානිජ මණ්ඩලවල අදහස් ලබා ගනිමින් ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සරත් රාජපතිරාජ මහතාගේ මූලිකත්වයෙන් යුතු කමිටුවක් සිදු කළ කෙටුම්පත් ගණනාවක් සැකසීමෙන් පසුව බවද සඳහන් වේ.

සිංගප්පූරුට මෙහෙන් රැකියා නෑ !

පුද්ගල සේවා සැපයීමට සිංගප්පූරු මිනිස් බල සමාගම් පිහිටුවන බවට බවත්, එම අවස්ථාවෙන් ගෘහ සේවාකිවන් , පෙදරේරු හා කම්කරු රැකියා ලබා ගැනීමට හැකිවන බවට එල්ලවී ඇති චෝදනාද ඔහු තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ගිවිසුම අවශ්‍ය නම් අවලංගු කළ හැකියි !

මේ ගිවිසුම වෙනස් නොකළ හැකි එකක් බවට පලව ඇති චෝදනාද ප්‍රතික්ෂේප කර ඇති අමාත්‍යවරයා අවශ්‍ය නම් ගිවිසුම අත්සන් කිරීමෙන් වසරක් තුළ දෙපාර්ශවය සාකච්ඡා කර තීන්දු තීරණ ගත හැකි බවද කියා සිටී. එසේම දෙපාර්ශවයෙන් ඕනෑම පාර්ශවයකට මාස 12ක දැනුම්දීමකින් පසුව සම්පූණයෙන් අවලංගු කළ හැකි වේ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අස්ගිරිපාර්ශවයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සි හිමියන්ට යැවූ ලිපිය පහත දැක්වේ.

Post Views: 1
Previous Post

16 කොටු කර ගැනීමේ සැලසුමක්

Next Post

මහ දවාලේ දුෂණය වුණා – ඥානසාර හිමියන්

editor

editor

Next Post

මහ දවාලේ දුෂණය වුණා - ඥානසාර හිමියන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved