• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අක්කර 2,200ක පැණි දොඩම් කලාපය මොනරාගල ඉදි කෙරේ

29 November 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය තුළ “Bibile sweets” නමැති පැණි දොඩම් විශේෂය වගා කෙරෙන අතර පැණි දොඩම් පැළ 85,000ක් මෙම කලාපය තුළ වගා කෙරේ. බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 500 ක්, මැදගම අක්කර 200ක්, මඩුල්ල අක්කර 500ක්, සියඹලාණ්ඩුව අක්කර 500ක් සහ මොනරාගල අක්කර 500ක් වශයෙන් අක්කර 2,200ක පැණි දොඩම් වගා කරන අතර පළමු වසර තුළ අපේක්ෂිත අස්වැන්න පැණි දොඩම් කිලෝ මිලියන 15කි. අක්කරයක පැණි දොඩම් පැළ 200ක් වගා කෙරෙන අතර සමස්ත අස්වැන්න මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ආයතන දැනටමත් ඉදිරිපත් වී ඇත.

මෙම පැණි දොඩම් කලාපය ස්ථාපිත කිරීමේ කටයුතු ලබන සඳුදා(03) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. මෙම කලාපය තුළ වගා කෙරෙන සමස්ත පැණි දොඩම් අස්වැන්න අපනයනය සඳහා අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසු අස්වනු තාක්ෂණික ආයතනයට උපදෙස් දී ඇත.

මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පැණි දොඩම් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ බිබිල ප්‍රදේශයේ පසු කාලීනව දොඩම් වගාවෙන් ගොවීහු ඈත් වූහ. Bibile sweets නැමැති දොඩම් ප්‍රභේදය දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කළ හැකි වූවත්, එහි රසය වෙනස් වේගඑම ප්‍රභේදයට උචිතම ප්‍රදේශය වන්නේ බිබිල ප්‍රදේශයයි. එමනිසා වාර්ෂිකව දොඩම් ආනයනය සඳහා විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Post Views: 10
Previous Post

මගේ කසාදේ අප්සට් වුණාට මම කරන කපුකම් හරියනවා – ඩිලාන් පෙරේරා කියයි

Next Post

බහුතරය ඇති අයට ආණ්ඩුව ගෙන යන්න ඉඩ දෙන්න – විජයදාස රාජපක්ෂ

editor

editor

Next Post

බහුතරය ඇති අයට ආණ්ඩුව ගෙන යන්න ඉඩ දෙන්න - විජයදාස රාජපක්ෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved