27 April 2024
#දේශීය

ජනපති ගෝඨාභය ඉදිරි වසර 20 තුළ ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රට කරන බව රෝහිත කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරි වසර 20ක් තුළ ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රටක් බවට පත් කරන බවට තමාට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.

සුන්දර මාතෘභූමියක් වෙනුවෙන් කැපවීමට සියලු දෙනාට එක්වන ලෙස හෙතෙම පැවසිය. ඒ වෙනුවෙන් සියලු දෙනාට කැප වී කටයුතු කිරීමට සිදු වන බවත් ඔහු අනාවරණ කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *