• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ ජාතික රෝහලෙන් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 200 ක්

12 January 2021
in දේශීය

කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කල පී.සී.ආර් පරීක්ෂණාගාරය තුළින දිනකට වාර දෙකක් තුළ පරීක්ෂණ දෙසීයක් සිදු කර ගැනීමේ හැකියාව ලැබී ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව එම රෝහලේ පරීක්ෂණ කටයුතු 12 අද දින සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මේ වන තෙක් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් සිදු කර ගෙන තිබෙන අතර අද දින සිට පැය පහක් වැනි කාලයක් තුළදී මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකි වනු ඇත.

එමගින් රෝහලේ දෛනිකව සිදු කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම කඩිනමින් සිදු කිරීමට හැකි බව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සඳහා රුපියල් මිලියන 13 ක ආධාර තිස්ස ද සිල්වා පදනමෙන් සහ රුපියල් ලක්ෂ 50 ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය හේමාස් ආයතනය මගින් ලබා දී ඇත. එම නවීන වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය සහ මගපෙන්වීම සිදු කරනු ලැබුවේ හෘද රෝග වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසිනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, තිස්ස ද සිල්වා පදනම නියෝජනය කරමින් ඩෙවන් පීරිස්, සුරංජන් පෙරේරා, ඔෂාන් සේනානායක, අනිල් ද සිල්වා, ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන ස්ටැන්ලි අමරසේකර, නිමාලි ප්‍රනාන්දු, වජිර සේනාරත්න, ජානකී අබේනායක යන මහත්මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී විය.

Post Views: 9
Previous Post

චම්පික අවස්ථාවාදයේ කප්පිත්තකු බව ඇමති විමල් කියයි

Next Post

සුවසැරිය කාර්ය මණ්ඩලය ගැන රාජ්‍ය ඇමැති සුදර්ශනීගේ අවධානය

editor

editor

Next Post

සුවසැරිය කාර්ය මණ්ඩලය ගැන රාජ්‍ය ඇමැති සුදර්ශනීගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved