• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2‍015 ලැබුණු චෙක් ගැන හොයනවා

16 July 2018
in දේශීය

2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් ලබා ගෙන, එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් වෙත ලබා දී ඇති බවට ඉදිරිපත්ව තිබෙන පැමිණිල්ල සම්බන්ධව සිදුකරන විමර්ශන කිසි ලෙසකින්වත් නතර කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමු වු අවස්ථාවේදිය.

මෙම විමර්ශන නැවතී ඇති බවට පළ වන වර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේ පැහැදිලි කර තිබේ “2015 ජනාධිපතිවරණයට පෙර විශාල චෙක්පත් ප්‍රමාණයක් බැංකු වෙත ඉදිරිපත් කර මුදල් කර ගනිමින් ජනාධිපති කාර්යාලයට ලබාදීමක් සම්බන්ධයෙන් දිසානායක මුදියන්සේලාගේ සරත් දිසානායක නැමැත්තෙක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු 2016 මැයි මස 09 වන දින පොලිස් විශේෂ විමර්ශන ඒකකය විභාගයක් ආරම්භ කළා.

ඒ විමර්ශනයට අනුව 2014 දෙසැම්බර් 01 දින සිට 2015 ජනවාරි 08 දින දක්වා කාලය තුළ චෙක්පත් 82 ක් මගින් රුපියල් මිලියන 1398 ක් බැංකුවලින් මාරු කර එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට ලබාදී ඇති බව අනාවරණය වී තියෙනවා.

චයිනා හාබර් ආයතනයේ චෙක්පත් ද මෙයට ඇතුළත් වෙනවා. මේ පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය, ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට එවා තිබෙනවා. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ විමර්ශන කටයුතු කර ගෙන යනවා. ඒ විමර්ශන කොතැනකවත් නතර කර නැහැ.

2015 දී මේ ගැන විභාග කරන ලෙස ඉල්ලමින් මහ බැංකුව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් චෙක්පතක් රහස් පොලිසියට එවා තිබෙනවා. ඒ අනුව රහස් පොලිසිය මේ පිළිබඳව තවමත් විභාග කරමින් සිටිනවා. ඒ සම්බන්ධව සමහර සාක්‍ෂි තිබෙනවා. තවත් සමහර සාක්‍ෂි ලැබී නැහැ. මේ කිසිදු පරීක්‍ෂණයක් නතර කර නැහැ.

මේ පසුබිම තුළ ඊයේ (15) සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවක් පිළිබඳ කිහිප දෙනෙක් මගෙන් කරුණු විමසා සිටියා. එහි ලිපියක මේ විමර්ශන නතර කර ඇතැයි සඳහන් කර තිබුණලූ. ලිපි ගොනු අංකයකුත් එහි සටහන් කර තිබුණු බව මට දැනගන්න ලැබුණා.

අද මම පොලිස්පතිතුමයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමයි, ඒ වගේම අදාළ අංශ දෙකේ ප්‍රධාන නිලධාරීන් හා නීතිපතිතුමා මුණ ගැසුණා. ඒ අවස්ථාවේ ඔවුන් සියලූ දෙනාම ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව පරීක්‍ෂණ තවමත් ඉදිරියට කරගෙන යන බවයි. පුවත්පතේ පළ වී තිබූ කාරණය පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ඔවුන් ප්‍රකාශ කළා.

ඒ වගේම මහ බැංකු නිලධාරියෙකුගේ උපදෙස් මත විමර්ශන නතර කිරීමක් සිදුව නැති බවත්, පුවත්පතේ සඳහන් කර ඇති පරිදි ලිපි ගොනු අංකයක් ඉදිරිපත්ව නැති බවත් ප්‍රකාශ කළා. එපමණක් නොව, ඉදිරිපත්ව තිබෙන ලිපි ගොනු අංක ද ඒ අය මට ලබා දුන්නා. මේ අය කියන ආකාරයට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වී තිබෙන වාර්තාව සම්පූර්ණ අසත්‍යයක්. එවැන්නක් සිදුවී නැහැ. මොකද, පොලිස් විශේෂ විමර්ශන ඒකකය තිබෙන්නේ පොලිසිය යටතේයි. පොලිසිය යටතේ පවතින ඒකකයක් නවත්වන්න මහ බැංකුවට බැහැ. මහ බැංකුව සිදු කර තිබෙන්නේ එහි චෙක්පත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) යැවීමයි. ඒ අනුව බලන විට පුවත්පතේ සඳහන් පරිදි කිසිවක් සිදුවී නැහැ. යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

 

Post Views: 3
Previous Post

ලිස්ට් එකේ මුළින්ම ඉන්නේ කාන්තාවක්

Next Post

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නෑ

editor

editor

Next Post

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved