• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2019 සමස්ත රාජ්‍ය වියදම රු.බි. 4,470ට කැබිනට් අනුමැතිය හිමිවෙයි

8 January 2019
in දේශීය

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට 2019.01.07 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කල සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වේ. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වේ.

2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.5% ක්ව පැවැති රාජ්‍ය ආදායම මෙම රජය බලයට පත්වූවායින් පසුව ක්‍රමිකව වැඩිකර ගෙන ඇති අතර එය 2019 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩිවනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙවර අයවැය කාර්ය සාධනය මත පදනම්ව සකස් කර ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ වලට ප්‍රතිපාදන වෙන්කරනු ලැබේ. එමෙන්ම, දැනට සිදුකරමින් පවත්නා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව 2021 වනවිට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17% ක් දක්වා වැඩිකිරීම සහ රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක ප්‍රතිශතයකට සීමාකිරීමට රජය අපේක්ෂා කරයි.

2019 වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රු. බිලියන 2,200 ක් වෙන්කර තිබේ. මෙය, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැයකිරීමට සිදුවන විශාලම මුදලයි. රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරෙන් පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 1,425 ක්ද, ප්‍රාග්ධන වියදම් සඳහා රු. බිලියන 838 ක් ද වෙන්කර ඇත.

2019 විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මාර්තු මස 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Post Views: 6
Previous Post

නව වසරේ පලමු පාර්ලිමේන්තු සැසිය අදයි

Next Post

මොන සන්ධානය පැමිණියත් නායකයා මහින්දයි – කුමාර වෙල්ගම කියයි

editor

editor

Next Post

මොන සන්ධානය පැමිණියත් නායකයා මහින්දයි - කුමාර වෙල්ගම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved