27 April 2024
#සංවර්ධන

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ගැටළු විසදීමට මධ්‍යස්ථාන ආරම්භ කරනවා – රාජ්‍ය ඇමැති ‍ෂෙහාන්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ගැටළු විසදීමට ව්‍යපාර සේවා මධ්‍යෂ්ථාන රැසක් දිවයින පුරා ආරම්භ කරනවා බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ‍ෂෙහාන් මහතා පවසයි.

මෙරට ජාතික ආර්ථිකයට කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරික කොටස 50% ට වැඩි දායකත්වයක් ලබා දෙන බවත් මූල්‍ය ආයතන අතර මෙම පිරිස අවිදිමත් ක්‍රමවේද භාවිතා කරන ව්‍යාපාරික කණ්ඩායම් ලෙස පිළිගැනීම මග හරිමින් විදිමත් ක්‍රමවේද භාවිතා කරන පිරිසක් බවට පත් කිරීමේ අරමුණිනි මෙය සිදු කරනු ඇත.

ඒ අනුව මේ වන විට මොණරාගල, මාතගේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල නව තාක්ෂණයෙන් යුත් ව්‍යාපාර සේවා මධ්‍යස්ථාන ආරම්භ කළ බවත් ඉදිරියෙදී නුවරඑලිය, කිලිනොච්චිය සහ අනුරාධපුරයේ මෙම ව්‍යාපාර සේවා මධ්‍යෂ්ථාන ආරම්භ කිරීමට සූදානම් බව ද රාජ්‍ය ඇමැතිවරයා සදහන් කලේය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍වරැන් වන සුදර්ශන දෙනිපිටිය, අරවින්ද් කුමාර්, චාමර සම්පත් දසනායක, යුරෝපීය සංගමයේ ශ්‍රීලංකා සහ මාලදිවයින නියෝජිත ටිල්මාන් ඇන්ගර්, ක්‍රිසලිස් ආයතනයේ ප්‍රධාන විධායක අශිකා ගුණසේන,බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරනගම, අමාත්‍යාංශ අතිරේක ලේකම් සී.ඩී කලුආරච්චි, සමෘද්ධි අධ්‍යක්ෂක ජනරාල් බන්දුල තිලකසිරි, දිස්ත්‍රීක් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්ලිව්.එම් පී විජේබණ්ඩාර ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වුහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *