2026 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වන, එහෙත් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබාගෙන නොමැති පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් විභාගය සඳහා ලියාපදිංචි වී අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාසල් අයදුම්කරුවන් සඳහා අදාළ විශේෂ උපදෙස් මාලාවක් දැනටමත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති අතර, ජාතික හැඳුනුම්පතක් නොමැති වීම විභාගයට අයදුම් කිරීමට බාධාවක් නොවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජූලි 23 වැනිදා වේ. කිසිදු හේතුවක් මත මෙම කාලසීමාව දීර්ඝ නොකරන බැවින් සියලුම අයදුම්කරුවන් නියමිත දිනට පෙර අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ ගැටලු පවතී නම් පහත දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය
ක්ෂණික ඇමතුම් අංකය: 1911
දුරකථන අංක: 0112-784537 / 0112-786616 / 0112-784208
ෆැක්ස් අංකය: 0112-784422














