රටේ සෞඛ්‍ය සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීම සහ රෝහල් පරිපාලනය කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව බඳවා ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත.වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) තනතුරු 41 ක්
භෞත චිකිත්සක (Physiotherapist) තනතුරු 60 ක්මෙහිදී මාස 06 ක අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවට බඳවා ගැනීමට අදාළ පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (16) පස්වරු 1.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ ශ්‍රවණාගාරයේදී සිදු කිරීමට නියමිතය. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වනු ඇත.














