27 April 2024
#දේශීය

ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවේදී අත්අඩංගුවට ගත් 21 ඇප.. 150 ප්‍රකාශ සටහන කර ගනි

මිරිහාන ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේදී අත්අඩංගුවට 21 දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැරිමට අධීකරණය නියෝග කර ඇත.

එහිදී තවත් 06 දෙනෙකු අප්‍රේල් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.

එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) පුද්ගලයින් 150කට අධික පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *