27 April 2024
#දේශීය

මැලේසියාවේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 272 දිවයිනට – විදේශ අමාත්‍යංශය

මැලේසියාවේ අතරමං වි සිටි ශ්‍රී ලාංකිකයන් 272 දෙනෙකු පසුගිය 09 වනදා මෙරටට රැගෙන ආ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL 315 ගුවන් යානය මඟින් මෙරටට පිටත් කර එවා ඇත. මෙම කණ්ඩායමට, අතරමංව සිටි ශ්‍රමිකයන් 149 දෙනෙකු, ශිෂ්‍ය ශිෂාවන් 64 දෙනෙකු සහ කෙටි සංචාරවල යෙදී සිටි 59 දෙනෙකු අයත් බව විදේශ අමාත්‍යංශය පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *